මගේ ප‍්‍රධාන අරමුණු

වරිපනම් ගැටලූ‍ සඳහා ඩිජිටල් විසඳුම් ක‍්‍රියාවලියක්
 

අතුරුගිරිය ආසනය පුරාම පවතින ප‍්‍රධාන ගැටලූ‍වක් වන වරිපනම් සාදාගැනීම , ඉඩම් අනුමත කිරීම , පිඹුරුපත් අනුමත කිරීම. වයාපාරික ගොඩනැගිලි අනුමත කිරීම් සඳහා වන යල් පැන ගිය නීතී ප‍්‍රතිපාදන ඉවත් කර ඉතා කාර්යක්ෂම ප‍්‍රායෝගික ක‍්‍රමවේදයක් සකස් කිරීමට අවශ්‍ය යෝජනා සභාවට ඉදිරිපත් කරමින් ඒවා ක‍්‍රියාත්මක කරවීම සඳහා අවශ්‍ය කටයුතු කිරිම. මෙහිදී විශේෂයෙන්ම මේ සියලූ‍ ගැටලූ‍ සඳහා ඩිජිටල් තාක්ශණය මඟින් විසඳුම් ක‍්‍රියාවලියක් සභාවට යෝජනා කිරීම හා එය ක‍්‍රියාත්මක කිරීමට අවශ්‍ය කියාමාර්ග ගැනිීම.

ප‍්‍රාදේශීය යටිතල පහසුකම් සංවර්ධනය

  1. අත්‍යාවශ්‍යයෙන්ම කල යුතුව ඇති මාර්ග පුළුල් කිරීම් , ප‍්‍රතිසංස්කරණ කිරීම් සහ පොදු පහසුකම් කඩිනමින් සංවර්ධනය කිරීම.
  2. ජල පහසුකම් යාවත්කාලීන කිරීම හා සංවර්ධනය කිරීම.

අධ්‍යාපනය හා තාක්ෂණික පුහුණුව

  1. ප‍්‍රදේශයේ තරුණ තරුණියන් සඳහා රැකියා ඉලක්කගත ප‍්‍රායෝගික පුහුණු වැඩමුලූ‍ සංවිධානය හා මෙහෙයවීම.
  2. තරුණ දරුවන් සඳහා දේශිය / විදේශීය රැකියා අවස්ථාවන් සඳහා විධිමත් හා නිවැරැදි මඟපෙන්වීම ලබාදීම.
  3. ග‍්‍රාමීය කාන්තාවන් සඳහා නව ස්වයං රැකියා අවස්ථා හඳුන්වාදීම හා ස්වයං රැකියා තුළින් ඔවුන්ගේ ආර්ථිකය ශක්තිමත් කර ඔවුන්ගේ ජීවිත උසස් මට්ටමකට රැගෙන ඒම සඳහා අවශ්‍ය කටයුතු සිදුකිරීම.
  4. රැකියා විරහිත මෙන්ම පාසල් හැර ගිය තරුණ තරුණියන්ට ඩිජිටල් මාධ්‍ය තුල තමන්ගේම හැකියාවන් තුලින් ඉදිරියට එමින් ජීවිතය සාර්ථක කරගැනීමට අවශ්‍ය කුසලතා සංවර්ධනය කිරීමට කටයුතු කිරීම.

පරිසරය සහ ජන ජීවිතය සංවර්ධනය

  1. අපද්‍රව්‍ය කළමණාකරනය කිරීම කටයුතු නවීකරණය කරිම සහ පවතින ගැටලූ කඩිනමින් අවසන් කිරිම.
  2. ඇවිදින මං තීරූ හා විවේකී ස්ථාන සංවර්ධනය
  3. පැල රෝපණ ව්‍යාපෘති ව්‍යාප්ත කිරීම.

සෞඛ්‍යය හා සමාජ සේවා කටයුතු වැඩි දියුණු කිරීම

  1. ගැබිණි මාතෘ සායන සඳහා වන සේවාවන් පුළුල් කිරීම හා නව්‍යකරණය කිරීම.
  2. ප‍්‍රදේශයේ ප‍්‍රදේශවාසින්ගෙ යහපත් සෞඛ්‍ය තත්වයන් පවත්වාගෙන යාම සඳහා වන සෞඛ්‍ය වැඩසටහන් ක‍්‍රියත්මක කිරීම.
  3. විශේෂ අවශ්‍යතා සහිත දරුවන් සිටින පවුල් වල සෞඛ්‍ය ගැටලූ‍ හඳුනාගනිමින් කඩිනම විසඳුම් ලබා දීම.
  4. ප‍්‍රදේශයේ දරුණු රෝගාබාධ වලින් පෙළෙන අය සඳහා විශේෂ සෞඛ්‍ය වැඩසටහන් ක‍්‍රියාත්මක කිරීම.
  5.  Helth Life with Yohan( හෙල්ත් ලයිෆ් විත් යොහාන් * වැඩසටහන මඟින් ප‍්‍රදේශයේ පවුල් සඳහා විශේෂ සෞඛ්‍ය ප‍්‍රතිලාභයන් ලබාගැනීමට අවස්ථා සැලසීම. 

තරුණයන් හා ක‍්‍රීඩා ක්ෂේත‍්‍රයන් සංවර්ධනය

  1. ක‍්‍රීඩා සංගම් සංවර්ධනය හා ඔවුන්ගේ පුහුණුවීම් විධිමත් කිරීම හා පුහුණු මධ්‍යස්ථාන සංවර්ධනය.
  2. තරුණ තරුණියන් සඳහා නව ව්‍යාපාරික අවස්ථාවන් හඳුන්වාදීම සහ ඔවුන්ගේ ව්‍යවසායකත්ව හැකියාවන් සංවර්ධනය කිරීම.
  3. වඩා යහපත් වූ සමාජයක් උදෙසා තරුණ තරුණියන් දායක කරගනිමින් සංස්කෘතික හා කලා උත්සව සංවිධානය කිරීම.

ඉහත මාගේ වැඩ පිළිවෙල සාර්ථක කරගනිමින් ප‍්‍රදේශයේ ඔබට එහි ප‍්‍රතිලාභයන් හිමිකර දීමට මෙවර 2025 පළාත් පාලන මැතිවරණයේදී ඔබගේ වටිනා සහයෝගය මම ගෞරවයෙන් අපේක්ෂා කරමි . ඔබගේ සහයෝගය අප ප‍්‍රදේශයේ සංවර්ධනය වෙනුවෙන් ඔබ ගන්නා වටිනාම තීරණයක් වනු ඇත . එසේනම් එළඹෙන 2025 පළාත් පාලන මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයට අලියා ලකුණට ඔබගේ වටිනා ඡුන්දය ලබා දෙන්න. 

ඔබට නියත ජය ලැබේවා !

Scroll to Top